Wednesday, September 16, 2026
Follow Us
ජාතික වොලිබෝල් තේරීම් කමිටුව පත් කරයි
තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් ඊයේ (09) ජාතික වොලිබෝල් තේරීම් කමිටුව පත් කිරීම, සුගතදාස ගෘහස්ත ක්රීඩා සංකීර්ණයේ දී සිදු කෙරිණි.

 මෙහිදී ජාතික වොලිබෝල් තේරීම් කමිටුව ලෙස,

උදේනි ප්රියදර්ශනී – සභාපති
පාලිත නාපාගොඩ – සාමාජික
වසන්ති මංගලිකා – සාමාජික
ක්රිෂාන්ති ජයවර්ධන – සාමාජික
 
පත් කෙරිණි.
මෙම අවස්ථාවට ශ්රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත, ශ්රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්රධාන ලේකම් වින්ග් කමාන්ඩර් අඛිල ද අල්විස් සහභාගී විය.