‘ඉගැන්වීම සහයෝගී වෘත්තියක් ලෙස නැවත සකස් කිරීම’ තේමාවෙන් අපේ රට අද (06) ලෝක ගුරු දිනය සමරයි.
ලෝක ගුරු දිනය (World Teachers’ Day) යනු ගුරුවරුන්ගේ අගනා මෙහෙය සමරන ජාත්‍යන්තර දිනයකි. මේ දිනය ප්‍රකාශයට පත් කළේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) විසිනි. ඒ අනුව ඔක්තෝබර් මස 05 වැනිදා ලෝක ගුරු දිනය ලෙස නම් කර ඇති අතර, සමහර රටවල් තම රටට අදාළ වෙනත් විශේෂ දිනවල ගුරු දිනය සමරයි.
1994 වසරේ සිට මෙය නිල වශයෙන් සමරන අතර, එයට හේතුව 1966 ඔක්තෝබර් මස 05 වැනි දින ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ යුනෙස්කෝ එක්ව ගුරුවරුන්ගේ තත්ත්වය පිළිබඳ නිර්දේශය (Recommendation concerning the Status of Teachers) නමැති ප්රඥප්තියට අත්සන් තැබීමයි. මේ ප්රඥප්තියෙන් ගුරුවරුන්ගේ අයිතිවාසිකම්, වගකීම් සහ වෘත්තීය ප්රමිතීන් පිළිබඳව නිර්ණායක සකස් කරන ලදි.
අපේ රටේ බොහෝ විට ලෝක ගුරු දිනයට සමගාමීව අද (06) ගුරු දිනය සමරයි. ගුරුවරයා යනු වෘත්තිකයකුට වඩා සමාජයේ වන්දනීයත්වයට සහ ගෞරවයට පාත්‍ර වන චරිතයකි. සෑම ප්රශස්ත ගුරුවරයකුගේම අරමුණ වන්නේ තමා තරුවක් නම්, තම සිසුවා සූර්යයා මෙන් දීප්තිමත්ව බබළනු දැකීමයි.