බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීම සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබෙන බව වාර්තා වෙයි.
ඔහුගේ රුධිර පීඩනය හා සීනි මට්ටම ඉහළ යාම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසු ඒ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන බව ද වාර්තා වෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කෙරුණි.