Saturday, August 23, 2025
Follow Us
බන්ධනාගරගත කළ හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලට

ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද වික්‍රමසිංහ මහතා දැඩි ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර බස් රථයකින් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ අතර ඔහු පැමිණි පසු පවත්වන ලද වෛද්‍ය පරීක්ෂණවලින් පසුව ඔහුව රෝහල් ගත කර තිබෙන බව වාර්තා වෙයි.

රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) දහවල් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කෙරිණි.