ශ්‍රී ලංකාව තුළ විදේශීය වුවමනාවන් හොඳින්ම ක්‍රියාත්මක කරවිය හැකි නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව මංගල සමරවීර මහතා විසින් තෝරාගෙන ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේ මොහොතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ යළි එක්ව කටයුතු කිරීම තමන්ට ඉතාම අවාසි සහගත තත්වයක් බැවින් ඇගෙන් ප්‍රවේශම් වී සිටින ලෙස මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ මන්ත්‍රීවරුන් පිරිසකට දැනුම් දී තිබේ.
කාන්තා හා ළමා අපචාරවලට එරෙහිව තදින් පියවර ගැනීමට ඉදිරිය රජයක් යටතේ කටයුතු කරන බවත් ඒ සඳහා විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවත් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (31) පෙරවරුවේ කොළඹදී පැවති, පොදුජන පෙරමුණේ කාන්තා සම්මේලනයට එක්වෙමිනි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාව පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්ව කිහිපයක්ම විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.
සජිත් පාර්ශ්වයේ කැරලි නායක මලික් සමරවික්‍රම මහතා පසුගිය සතිය තුළ තුන් වතාවක්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට උත්සාහ දරා ඇතත් අග්‍රාමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන එක්සත් පෙරමුණ අතර සාකච්ඡා සාර්ථක වී ජනාධිපතිවරණයේදී පොහොට්ටු සන්ධානය ජයග්‍රහණය කළහොත් එළැඹෙන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාද, අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතාද, කථානායක ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාද පත්කර ගැනීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගැළපෙන්නේ පොහොට්ටුව ලකුණ නොව වතුර මෝටරය බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයාතිස්ස මහතා පැවසුවේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දේශප්‍රේමී මන්ත්‍රීවරුන් එක් කරගැනීම සඳහා ඔවුන්ට දුරකථන ඇමතුම් ලබාදීම තමන් යළි ආරම්භ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
පක්ෂයේ විනය කඩකරමින් මෙන්ම අවම සදාචාරය හෝ නොරකිමින් ඉතාම උද්දච්ඡ ආකාරයෙන් හැසිරෙන කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සම්බන්ධයෙන් ඉතාම දැඩි තීන්දුවකට එළඹීමට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් තීරණය කර ඇතැයි වාර්තා වේ.
President Mahinda Rajapaksa, 5th Executive President of the Democratic Socialist Republic of Sri Lanka
තමන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම මහතා පවසයි.
Opposition Leader and Sri Lanka Podujana Peramuna (SLPP) leader Mahinda Rajapaksa yesterday said the SLPP will not revise its decision to name former Defence Secretary Gotabaya Rajapaksa as its presidential candidate despite ongoing talks with the Sri Lanka Freedom Party (SLFP) to form a coalition to contest the upcoming Presidential Election together.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමට පිහිටුවා ඇති ආයතන ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරිම වෙනුවට දේශපාලනික අවශ්‍යතා සඳහා භාවිතා කිරිමට ඉඩනොදිය යුතු බව ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප පාර්ශවයේ අපේක්ෂකයා ලෙස තමාම ඉදිරිපත් විය යුතු බවට වූ දැඩි ස්ථාවරයක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිටින බව අනිද්දා පුවත්පත වාර්තා කරයි.
In the backdrop of a brewing political crisis, Prime Minister Ranil Wickremesinghe held talks with Minister Sajith Premadasa for one and half hours at Temple Trees on Thursday evening to find a way out, a party official said.
සති දෙකක කාලයක් එකිනෙකා විවේචනය නොකරමින් සාමුහිකව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශ්වය සහ සජිත් පාර්ශ්වය තීරණය කර ඇති බව වර්තා වෙයි.
ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ සම්පූර්ණ සහාය හිමිව ඇතැයි පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
One should not hold rallies and dinners and spoil the UNP, its assistant leader Ravi Karunanayake said yesterday.
Page 505 of 551