Friday, May 03, 2024
Follow Us
සාලින්දගේ අභාවයෙන් පසු ජාතික ලයිස්තුවෙන් ඉල්ලා අස් වූ ශාන්ත බණ්ඩාර නැවතත් ජාතික ලයිස්තුවෙන්ම පාර්ලිමේන්තුවට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුරප්පාඩු වී ඇති ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සදහා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශාන්ත බණ්ඩාර යළි නම් කර තිබෙනවා.

එම සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ දිනයේ ඊට අදාළ ලිපිය යොමුකළ බවයි.

කුරුණෑගල දිස්ත්‍රීක් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයත් සමග ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස් වූවා.

සාලින්ද දිසානායක මන්ත්‍රීවරයාගෙන් පසුව කුරුණෑගල දිස්ත්‍රීක් නිදහස් සන්ධාන මනාප ල‍යිස්තුවේ මීළගට වැඩිම මනාප ලබා සිටියේ ශාන්ත බණ්ඩාරයි.

කෙසේ වෙතත් සාලින්ද දිසානායක මන්ත්‍රීවරයාගේ වියෝවෙන් පසු හිස් වූ මන්ත්‍රීධූරය හිමි වූයේ මනාප ලයිස්තුවේ ශාන්ත බණ්ඩාරගෙන් පසුව මනාප ලබා සිටී ඩී.බී හේරත්ටයි.

මේ අතර මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්තී‍්‍ර ධූරය සදහා මනෝජ් සිරිසේනගේ නම ඇතුළත් ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් වී තිබෙනවා.


(Neth)