පසුගිය රජය සමයේ පැවති කෝප් කමිටුවේ ඉල්ලීම පරිදි, බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණන පරීක්ෂණයක් සිදු කළ බවත්, එසේ වෝහාරික විගණනයක් සිදු කළේ අධිකරණ කටයුතු වෙනුවෙන් බැවින් එම වාර්තා පදනම් කරගෙන දූෂිත බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් කෝප් කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුධය විසදීම සඳහා එහි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක වගකීම භාර ගෙන තිබෙනවා. ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් එකම සාකච්ඡා මේසයකට රැගෙන ඒමට තමන් උත්සාහ කරන බවයි ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේ.
මහ බැංකු සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව වෝහාරික වාර්ථාවෙන් හෙළිවු බව එක්සත් ජාතික පක්ෂ මාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
කප්පම් ගැනීම සඳහා තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට සහ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක මහතාට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුවේ විභාගය අත්හිටුවන ලෙස දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම විසින් නීතිපතිවරයාට නියෝග කිරීම යනු ඉතාම බරපතළ දේශපාලන මැදිහත් වීමක් බවත් මීට එරෙහිව අධිකරණය හමුවට යාමට තමන් බලාපොරොත්තු වන බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.
තමා පසුගිය පාර්ලිමේන්තුවේ සිටියත් පෙර පාසල් අයත් වන්නේ මොන අමාත්‍යාංශයටදැයි සොයා ගැනීමට නොහැකි වූ බවත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට පත්වී පෙර පාසල් විෂය පිළිබඳව සොයා බලා රජයේ පාසල් මෙන් වැඩපිළිවෙළක් සකස් කරන බවත් බෙන්තර ඇල්පිටිය පොදුජන පෙරමුණේ සංවිධායිකා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ පවසන්නීය.
Former Health Minister Rajitha Senaratne gave a statement to the Criminal Investigations Department (CID) today.
නව කොරෝනා වෛරස් අවදානම හදිසි තත්වයක් සේ සලකා ක්‍රියාමාර්ග ගත යුතු බැවින් ඒ පිළිබඳ සාකච්ජා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැදවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටී.
තමන්ට පක්ෂ නායකත්වයේ තවත් කොටි කාලයක් පමණක් රැදී සිටීමට ඉඩ ලබා දෙන ලෙසත්, ඉදිරි මහමැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් තමන්ට මන්ත්‍රී දූර දෙකක් ලබා දීමට කටයුතු කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය නව සාමාජිකයන් පත්කිරීම අද (27 වැනිදා) සිදු කෙරේ. එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල හිටපු සාමාජිකයන්ගේ ධුර කාලය 2019 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වීම හේතුවෙන් මෙලෙස නව සාමාජිකයන් පත්කිරීම සිදු කෙරේ.
පක්ෂයෙහි පවතින නායකත්ව අර්බුදය විසඳා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණු මුහුණට මුහුණ හමුව ද අද (29) පස්වරුව දක්වා කල් ගොස් ඇති බව වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටඋත්තරයක් ලබාගෙන තිබේ.
එක්සත් ජාතික පකෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස සමන් රත්නප්‍රිය මහතා පත් කිරීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (27 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ඉදිරි මහමැතිවරණයේදී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිත බව වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම් අතර නොපෙන්වන සීතල යුද්ධයක් ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
එජාප ආණ්ඩුවේ හෝ වත්මන් ආණ්ඩුවේ කිසිවකුගේ වංචා වසන් කළ යුතු නොමැති හෙයින් වංචාවලට සම්බන්ධ අය නව රජයේ සිටී නම් ඔවුන්ට එරෙහිව ද පරීක්ෂණ සිදුකරන්නැයි ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස තමන් ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
එම්.සී.සී. ගිවිසුම අධ්‍යයනය කරන බව කියමින් ආණ්ඩුව කල් ගන්නේ මහ මැතිවරණයෙන් පසු ඇමරිකාව සමග එය අත්සන් කිරීමට බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයට තරග කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව පොදුජන පෙරමුණ පවසයි.
ජනතාවට එකක් කියමින් වෙනත් රහස් ගිවිසුම් හරහා තමන් රැකෙන, දෙබිඩි, ඩීල් දේශපාලනය එක්සත් ජාතික පක්ෂයට ඔරොත්තු නොදෙන බැවින් අලුතින් සිතමින් අලුත් ගමනක් ආරම්භ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
Page 432 of 553