The UNP Working Committee yesterday unanimously approved the name of MP Ranjith Madduma Bandara as the General Secretary of the new UNP-led alliance to be formed to contest the upcoming General Elections, but differences over the symbol under which the polls will be contested led to several members walking out of the meeting.
මෙම වැඩසටහනේදී එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න දැඩි ලෙස අවධාරණය කර සිටියේ, ඉදිරි මහ මැතිවරණයේදී රාජපක්ෂ පවුලේ ආණ්ඩුවකට තුනෙන් දෙකේ බලයක් ලබා නොදිය යුතු බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ තරග නොවැදුණහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුට සීමා වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කරයි.
The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday expressed confidence that it could contest the forthcoming General Election and secure the majority of seats on offer without forming a coalition with the Sri Lanka Freedom Party (SLFP).
ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ බිහිකරන නව සන්ධානයේ මහලේකම්වරයා වශයෙන් රංජිත් මද්දුම බණ්ඩාර මහතාව පත්කිරීමට එජාපෙ පාර්ලිමේන්තු කණ්ඩායම යෝජනා සම්මත කරගෙන සිටියදී රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පිල (10) දිනයේදී ඊට විරෝධය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
ජනතාවට සෞභාග්‍යමත් සිංහල - දෙමළ අලුත් අවුරුදු සමයක් ලබාදීමට නොහැකි බව දන්නා නිසා ආණ්ඩුව කලින්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට උත්සාහ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වනවිට පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී ආරම්භ වී තිබෙනවා. ඊට සහභාගිවීම සදහා පක්‍ෂ නායක, රනිල් වික්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද පැමිණ සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස හිටපු ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න සහ අර්ජුණ රණතුංග යන මහත්වරුන්ට එජාප ජ්‍යෙෂ්ඨයන් ආරාධනා කර ඇත.
එළඹෙන සතියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් මුල් සතියේදී මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීමට තමන් විපක්ෂයට යෝජනා කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
The Colombo High Court today postponed the examination of the case filed against Parliamentarian Namal Rajapaksa and four others under the Money Laundering Act till Wednesday.
ඉකුත් රජය සමයේ අමාත්‍යවරුන්ට මිලදී ගෙන ඇති වාහන සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. පානදුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදී මන්ත්‍රීවරයා මේ බව කියාසිටියා.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව දේශපාලන සන්ධානයේ ඉහළ නිලතලවලට සුදුස්සන් පත්කිරීම ගැන පක්ෂ නායකත්වය සහ සන්ධාන නායකත්වය මත දෙකක් දැරීම නිසා අද (9) දින පැවත්වෙන කෘත්‍යධිකාරී මණ්ඩලය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් ගනු ඇතැයි වාර්තා වේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවන නව සන්ධානය, ‘සමගි ජාතික බලවේගය’ ලෙස නම් කර ඇති අතර එහි ඡන්ද ලකුණ ලෙස ‘හදවත’ තෝරාගෙන ඇති බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචිමාර්ග පවසයි.
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් බිහිකළ නව සන්ධානයේ සන්ධානගත පක්‍ෂ අද අවබෝධතා ගිවිසුමකට එළඹුණා. ඒ, යාපනයේ පෞද්ගලික හෝටලයකදීයි.
The din against the Government’s request for a two-thirds majority at the upcoming general election, is two or three decibels higher than the loudest air horn noises made by the most berserk of buses on our streets. But this is a curious call. The opposition UNP says a two-thirds majority is bad for democracy. They say power should not be concentrated in a single group of politicians.
එළඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර මනාප පොරය දැනටමත් ආරම්භ වී ඇති බව වාර්තා වේ.
එළඹෙන මහ මැතිවරණයේදී කිසිදු පක්ෂයක් සමග සන්ධානගත නොවී තනිව තරග කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා.
ඉරිදා ජාතික පුවත්පතකට සම්මූඛ සාකච්ඡාවක් ලබාදෙන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ එළබෙන මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත්වීමට බලාපොරොත්තු නොවන බවයි.
Page 427 of 553