Friday, February 20, 2026
Follow Us
හංසයාට අනුමැතිය ගන්න කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද

ඉදිරි මහමැතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත්වීම සඳහා වන යෝජනාව අද (19) එක්සත් ජාතික පක්ෂයෙහි කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඡන්ද ලකුණ තීරණය කිරීම සඳහා රනිල් - සජිත් දෙපාර්ශ්වය විසින් පත් කෙරුණු දස දෙනෙකුගෙන් සමන්විත කමිටුව ඊයේ දිනයේදී ද රැස්ව තිබුණු අතර ඔවුන්ගේ අවසන් එකඟතාව වී තිබුනේ හංසයා ලකුණින් තරග කිරීමටය.

එම යෝජනාව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කළ යුතු නිසා අද කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට සූදානම් කර තිබේ.

(LNW)