Tuesday, November 24, 2026
Follow Us
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
2027 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන්ට පාවහන් ලබා ගැනීම සඳහා තිළිණපත් ලබාදීමේ වැඩසටහන යටතේ මධ්‍යම, උතුර, උතුරු මැද හා ඌව යන පළාත් 04 හි පාසල් සිසුන් සඳහා විවෘත වෙළඳපොළ තුළින් පාවහන් මිලදී ගත හැකි අතර බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර හා වයඹ යන පළාත් 05 හි පාසල් සිසුන් වෙනුවෙන් දේශීය පාවහන් සැපයුම්කරුවන් විසින් පාසලටම ගොස් පාවහන් ලබාදීමට නියමිත බව අධ්‍යපාන අමාත්‍යාංශය සඳහන් කරයි.
 
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026.11.03 දින සිට 2026.12.20 දින දක්වා ද, වවුචර්පත් පරිලෝකනය කිරිම 2026.11.10 දින සිට 2026.12.20 දින දක්වා ද සිදු කිරීමට නියමිතය.
 
සියලුම පාසල්වල ශිෂ්‍යත්වය සමත්ව ශිෂ්‍යාධාර ලබන සිසුන් වෙත 2026 වර්ෂය සඳහා පාවහන් ලබා ගැනීම සඳහා වන රු.3000.00 ක දීමනාව මෙම මස එනම් නොවැම්බර් මස තුළ ගෙවීම් සිදු කරන අතර, 2027 වර්ෂයට අදාළව මෙම දීමනාව 2026 වර්ෂයේ දෙසැම්බර් මස ගෙවීම් කිරීමට කටයුතු කරනු ඇත.