Friday, February 20, 2026
Follow Us
ජවිපෙ 'අද සූදානම' ගැන කතා කරයි

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතු සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක කියා සිටියේ "මහ බැංකුවේ විශාල කාලයක් තිස්සේ සිදු වෙච්ච බැඳුම්කර වංචා පිළිබඳව කෝප් කමිටුවේ නියෝගයක් මත සිදු කරනු ලැබූ අධිකරණමය විගණන කටයුත්තට පූර්ණ විවාදයක් පාර්ලිමේන්තුව ඉල්ලා සිටියා. ඒ අනුව අද දිනයේ දී ඒ විවාදය පැවැත්වෙනවා. " යනුවෙනි.

(Neth)