Tuesday, January 27, 2026
Follow Us
ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට අනුගමනය කරන්නේ ප්‍රයෝගික මොඩලයක්- අගමැති

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව මොඩලයකට යාමට ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවූ බවද, ආණ්ඩුව අනුගමනය කරන්නේ ප්‍රයෝගික මොඩලයක් බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

පාසල් හැරයන, පාසල් අධ්‍යාපනයෙන් හැලෙන සෑම දරුවෙකුට ම වෘත්තීය පුහුණුව දෙන වැඩපිළිවෙළක් මේ වසරේ ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය. සභාග ආණ්ඩු දේශපාලනයේ පාර්ලිමේන්තු ක්‍රමය අනුගමනය කිරිම්මේදී ප්‍රවේශමෙන් තීරණ ගතයුතු බවත්, මන්ත්‍රීවරුන් සහ රටවැසියාගේ බලාපොරොත්තු මෙන්ම රට මුහුණ දෙන තත්ත්වය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ, නව වැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා කළ කතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කල්තැබීමේ විවාදයට 2024.02.09 දින එක්වෙමිනි.

ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මුහුණ දෙන දැවැන්ත අර්බුදයෙන් මුදාගත යුතු බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, පුනර්ජනනීය විදුලි බලයට යොමුවී එමගින් විදුලි බල මණ්ඩලය මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් දිය යුතු බවද පැවසිය. රජය දුන් සහාය සහ සහයෝගය තුළින්, මෙරට ගොවි ජනතාවට අහාර නිෂ්පාදනය වැඩිකිරීමට හැකිවූ බවද, ආර්ථික අර්බුදයේදී බොහෝ රටවල රාජ්‍ය සේවක කප්පාදුවක් සිදුවුවත්, මෙරට රාජ්‍ය සේවක හෝ විශ්‍රාම වැටුප් කප්පාදුවක් සිදු නොවූ බවත්, ප්‍රකාශ කළේය.