The Election Commission was appointed to hold elections and not to postpone them and it is their responsibility to hold the General Elections in accordance with the guidelines issued by the Health Sector, Minister Prasanna Ranatunga said today.
මෙරට ඇතැම් දේශපාලනඥයින්ගේ ප්‍රකාශ පිළිබඳ සාවද්‍ය තොරතුරු මාධ්‍ය ඔස්සේ පළ කිරීම සඳහා වෙරිටේ රිසර්ච් නම් රාජ්‍ය නොවන සංවිධානයක් මුදල් යොදා ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක් ගැන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා (15) හෙළිදරව්වක් කළේය.
කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් සහ ඔහුගේ පක්ෂයේ ( All Ceylon Makkal Congres) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කරන ලදී.
දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට දින 21 කට පසුව කොවිඩ් 19 ෙෙවයිරසය ආසාදනය වී ඇත්දැයි සෙවීමට සිදුකරන පී.සී.ආර් පරීක්ෂණයට යොමුකිරීමට නියමිතව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
රජයේ අමාත්‍ය මණ්ඩලයට සමාන ඡායා කැබිනෙට්ටුවක් පිහිටුවීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. රජයේ ඇමති මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටීම මෙම ඡායා කැබිනට්ටුවේ කාර්යය වෙයි.
The Supreme Court has appointed a five-judge bench, led by the Chief Justice to hear Fundemental Rights petitions filed challenging the election date.
හිටපු සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සම්බන්ධ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පුවත් පත් දෙකක පළවූ වාර්තා අසත්‍යයක් බව ඔහු අවධාරණය කරයි.
තමන්ට සංඝයා වහන්සේලාගෙන් ඇති ප්‍රශ්න ඇතිව තිබෙන්නේ එක්තරා සංඝ කල්ලියකින් බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.
අමාත්‍යංශ ලේකම් වැනි රජයේ ඉහළ තනතුරු සඳහා පත් කළ යුත්තේ පරිපාලනය පිළිබඳ පළපුරුද්ද ඇති අය පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (13 වැනිදා) පවසා තිබේ.
පසුගිය දශක කිහිපය තුළම ජාතිකත්වය, දේශීයත්වය, පරිසරය වැනි කරුණු සම්බන්ධයෙන් ධනාත්මකව කටයුතු කළ පාඨලී චම්පික රණවක මහතා අද වනවිට පරිසර විනාශයට වගකිව යුතු පුද්ගලයෙකු බවට පත්ව ඇති බව අතුරලියේ රතන හිමි පවසනවා. පරිසරය විනාශ කරමින් කොන්ක්‍රීට් වනාන්තර ඉදිකිරීම සංවර්ධනය ලෙස අද ඔහු විශ්වාස කරන බවයි රතන හිමි පෙන්වා දෙන්නේ.
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා ලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ගොනුකර ඇති රීට් පෙත්සම ලබන ජුනි 19 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය. අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී. නවාෂ්, ශිරාන් ගුණරත්න, සොභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම අද කැඳවා තිබිණි.
යහපාලන රජයේ මුදල් හා ජනමාධ්‍ය ඇමතිවරයා වූ මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිතව තිබෙනවා. අද (14) පස්වරු 02 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්නැයි ඔහුට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
මල්වාන ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලදීගෙන එහි සුවිසල් නිවසක් සහ පිහිනුම් තටාකයක් ඉදිකර, ගොවිපලක් ද පවත්වාගෙන යමින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට සහ ඔහුගේ ඥාති සහෝදරයකු වන තිරුකුමාර් නඩේසන් මහතාට එරෙහිව පවරා ඇති නඩුව සැප්තැම්බර් 18 වනදා දක්වා කල්තැබීමට ඊයේ (15) නියම කෙරිණි.
එක්සත් ජාතික පක්ෂයේ නායකයාගෙන් ඉවත් වූයේ ඒ සඳහා බලපෑ කරුණු ගණනාවක් තිබූ හෙයින් වන අතර නැවත එම උරචක්‍රමාලය බෙල්ලේ එල්ලා ගෙන ජනතා අප්‍රසාදයට පත් වීමට අවශ්‍ය නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි.
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමිසන් සභාවේ ප්‍රධාන කොමසාරිස්වරයා වන මහින්ද දේශප්‍රිය මහතා දැඩි ස්ථාවරයක ඉන්නා බව වාර්තා වෙයි.
ස්වාධින පොලිස් කොමිෂන් සභාව විසින් කරන ලද ඇතැම් මාරුවීම් අවලංගු කරන ලෙස ව්‍යවස්ථාදායක සභාවේ සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය මහතා තමන්ට බලපෑම් කළ බව එම කොමිසමේ සභාපති කේ.ඩබ්ලිව්.ඊ කරලියද්ද මහතා කොමිසමේ සාමාජිකයන් හමුවේ පසුගිය බ්‍රහස්පතින්දා (14දා) පවසා තිබේ.
Former Parliamentarian Mangala Samaraweera was questioned by the Criminal Investigations Department (CID) yesterday for over five hours.
ඊයේ (13) දිනයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව නිදහස් කරගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව, නීත්‍යානුකූලව ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Page 398 of 554