Monday, June 22, 2026
Follow Us
රාජිත ජුනි 10 දක්වා යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි මස 10 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

සුදු වෑන් මාධ්‍ය හමුව පැවැත්වීමේ සිද්ධියට අදාලව රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා පසුගිය 13 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණි.