සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත්, මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පිලිපීනයේ පසුගියදා පැවති ජාතික මාස්ටර් සහ ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 5000 සහ මීටර් 1500 යන ඉසව්වලදී රන් පදක්කම් දෙකක් ද, මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද හිමි කර ගත් මුලතිව්, මුල්ලියාවලෙයි හි පදිංචි අකිලා තිරුනායක මහත්මිය ඊයේ (06) උතුරු පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
ඉන්දියාවේ රියැලිටි තරගයක කිරුළ හිමිකරගත් යාපනයේ කිල්මීෂා උදයශීලන් දියණිය ජනපති හමුවෙයි.
වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පැවති සියලුම විශ්‍රාමික පාරිතෝෂිත ගෙවීමට අවශ්‍ය සියලු මුදල් ලැබීම නිසා, 2023 වර්ෂය වනවිට ගෙවීමට තිබූ සියලු හිඟ පර්තෝෂිත විශ්‍රාමිකයන් වෙත ගෙවා අවසන් කිරීමට හැකිවූ බවද එය මෙරට විශ්‍රාමිකයන් ලැබූ විශාල ජයග්‍රහණයක් බවද, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (10 ) ප්‍රකාශ කළේය.
2024 වසර මැතිවරණ වසරක් නිසා මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුදානම පිළිබඳව මේ මස 08 වැනිදාට යෙදෙන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ උපන්දිනය දවසේදී හෙළි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
කිසිදු බලපෑමකට යටත් නොවී මාර්ගගත ආරක්ෂණ පනත (online safety bill) ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
උතුරු පළාතේ සිව් දින සංචාරක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් මහතා අතර හමුවක් ඊයේ (06) පස්වරුවේ යාපනයේ දී සිදුවිය.
සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත්, මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන රැසක් ශ්‍රී ලංකාවෙන් රිලව් ගැනීමට බොහොම කැමැත්තෙන් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
ආගමික සහජීවනය ඇති කරමින් රට ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට උතුරේ ආගමික නායකයන්ගේ ආශිර්වාදය.
රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම උදෙසා කලයුතු නෛතික සංශෝධන සඳහා අදහස් ලබා ගැනීමේ විශේෂ රැස්වීමක් අධිකරණ බනධනාගාර කටයුතු හා ආණඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
රට බංකොලොත්වී ඇති අවස්ථාවක හූති සටන්කාමීන් මෙල්ල කිරීමට රුපියල් කෝටි 25 කට වැඩි මුදලක් වැයකර නාවික යාත්‍රා යැවීම සාධාරණදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (9) ප්‍රශ්න කළේය.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතය.
ආර්ථිකය නිවැරදි මඟකට යොමු කිරීමට ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප ක්‍රියාකාරීන් සමඟ පැවති හමුවේදී අවධාරණය කළේය.
2024 වර්ෂය ධන ආර්ථික වර්ධන වේගයක් සහිතව ආරම්භ කිරීම නිසා මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
Page 40 of 551