Tuesday, January 27, 2026
Follow Us
කථානායකට එරෙහි විශ්වාසභංගය පරදියි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්ද 42 කින් පරාජයට පත්විය.

පසුගිය 19 වැනිදා විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය.
 
ඒ අනුව විශ්වාසභංග යෝජනාවට අදාල විවාදය පසුගිය 19, 20 සහ අද (21) දිනය පුරා පැවති අතර විවාදය අවසානයේ පස්වරු 4.30ට පමණ පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට විරුද්ධව ඡන්ද 117 ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ඡන්ද 75 ක් පමණි.