Monday, May 06, 2024
Follow Us
රනිල් අලියාගෙන් ආවොත් ප්‍රසන්නගේ උදව් නෑ

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ‘අලියා’ ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඔහුට උදව් කිරීමෙන් වැළකී සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ජනාධිපතිවරයා ‘අලියා’ ලකුණ හෝ ‘පොහොට්ටුව’ ලකුණ නොවන සියලුම දෙනාට එකඟ විය හැකි පොදු ලකුණකින් ජාතික අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව ඔහු පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහට නැවත වරක් ජනාධිපති ධුරයට පත් වීමට නම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය අත්‍යවශ්‍ය වන බවත්, මේ වන විට පක්ෂයේ 80%ක් පමණ දෙනෙක් ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහාය දීමට කැමැත්තෙන් සිටින බවත්, ඔහු පැවසීය.

ගම්පහ දිස්ත්‍රික් හිටපු පළාත් පාලන ප්‍රධානීන් සමග, උඩුගම්පළ පිහිටි තම දේශපාලන කාර්යාලයේ අද (2 ) පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

නාමල් රාජපක්ෂට ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තව කල් තිබෙන බවත්, යම් හෙයකින් මෙවර ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුගේ නම යෝජනා වුවහොත් තමන් කිසිවකුට උදව් නොකර දේශපාලනයෙන් නිහඬ වන බවත්, ප්‍රසන්න රණතුංග මෙහිදී පැවසීය.

Aruna