Sunday, May 19, 2024
Follow Us
මැතිවරණ කොමිසම ජනාධිපතිවරණයට සූදානම්

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මේ වනවිට මූලික කටයුතු සුදානම් කර අවසන් බව මැතිවරණ කොමිසම පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ මෙම වසරේ අඟ භාගයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව නියමිත අතර ඒ සඳහා කොමිසම සුදානමින් පසුවන බවයි.

ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි දහසක මුදලක් පසුගිය අයවැයෙන් වෙන්කර ඇති අතර අවශ්‍ය වුවහොත් තවත් මුදල් ලබා ගැනීම සඳහා හැකි බවද ඔහු පැවසීය.

එමෙන්ම මැතිවරණය පැවැත්වීම සඳහා සිදුකෙරෙන කටයුතු පිළිබඳව සියලු සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

Aruna