අද (02) දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර 70 ක් සම්පූර්ණ වේ. 70 වැනි සංවත්සරය සැමරීමට සූදානමින් සිටින ශ්‍රීලනිපය ආණ්ඩුවේ ඉවත්වීම සඳහා සූදානම් වන බවටද මාධ්‍ය වාර්තා පළ වී තිබෙනවා.
2021 වසරේ ජනවාරි සිට ජුලි අවසානය දක්වා කාලය තුළ රජයේ සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 965ක් බවත් මින් ඉදිරියට මේ ක්‍රමයට රටේ ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි යැයි ආණ්ඩුව තේරුම් ගතයුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
'වියත්මග ගෙනැල්ල, ඩිජිටල් ෂෝ දාල සුර ලෝකයක් මවල පෙන්නුවා. අපි ආවම සල්ලි ප්‍රශ්නයක් නෑ කිව්වා. සල්ලි හොයාගන්න හැටි අපි දන්නවා කිව්වා. හැබැයි, අද සීනි කිලෝ එකක්, කිරිපිටි පැකට් එකක්, ගෑස් සිලින්ඩරයක් ගන්න පෝලිමේ යන්න වෙලා.' යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටුකරවා ගැනීම සඳහා කතෝලික පල්ලිය නිර්මල චේතනාවෙන් යුතුව ගත් ක්‍රියාමාර්ග අවභාවිතා කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්ත හානියක් සිදුකිරීමට ජාත්‍යන්තර තලයේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට අධීක්ෂණ මන්ත්‍රී ධුර පිරිනමා තිබෙනවා. රජය විසින් සිදු කරන සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා එම සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය මෙම මන්ත්‍රීවරුන්ට පැවරේ.
පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශන යටතේ අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය. ඒ අනුව මන්ත්‍රීවරයා සැප්තැම්බර් 07 වැනිදා යළි අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශ වීම අහඹුවක් නොවන අතර, මේ පවත්නා ඖෂධ මාෆියාවත් අදාල ඒකාධිකාරී ආයතනික ක්‍රියාවලියත් ඖෂධ නියාමන අධිකාරියක් අතර සිදුව ඇති කුමන්ත්‍රණයක්ය යන්න බැහැර කළ නොහැකි මතයක් බැවින් ඒ පිළිබඳව වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
රට වැටුණු තැනින් ගොඩගැනීමට කියමින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඒ මහතාගේ වියත්මග සංවිධානයේ උපදේශකයින් මේ වනවිට රට යළිත් 1970 - 77 යුගයකට ඇදගෙන යමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Senior Deputy Chairman of the Sri Lanka Freedom Party Professor Rohana Lakshman Piyadasa said the SLFP Central Committee had recently decided on reactivating the United People’s Freedom Alliance (UPFA) and the Podujana Eksath Peramuna.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ හා ඇයගේ පියාට ඇප ලබාදෙන කළ ඉල්ලීමක් අධිකරණය යළිත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
The majority of the 38,000 persons recruited to the public sector under lower qualifications are being paid a monthly salary of Rs. 14,000 without being deployed for any duties throughout 08 months, reports say.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නැයි ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඉදිකිරීමට යෝජිත ඇවිදීමේ මංතීරුව පිළිබඳව අද (30) දින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ.
තමන්ගේ වැටුප කොවිඩ් මර්දනයට පරිත්‍යාග කළ නොහැකි බවටත් එය රුපියල් ලක්ෂ 300ක ණය මුදලක වාරිකයක් වශයෙන් සම්පූර්ණයෙන්ම කැපෙන බවටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබිණි.
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව සැප්තැම්බර් 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තාවේ.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ත්‍රිකුණාමලය එක්සත් ජාතික පක්ෂ නගර සභාවේ මන්ත්‍රී මන්සූර් සමූන් මිය ගොස් ඇති බව වාර්තා වේ.
Page 256 of 554