මෙරට නිෂ්පාදනය කරනු ලබන පොල් ප්‍රමාණය දේශීය වශයෙන් පරිභෝජනයට සහ කර්මාන්තවලට ප්‍රමාණවත් වන්නේ නැති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවැසීය.
තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා වන, නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අනාවරණය කළේය.
පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපියල් බිලියන 10ක වියදමින් මෙම නව්‍යකරණ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් කිසිවිටක තැපෑල ඈවර කිරීමට ඉඩ නොතබන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (16) පැවැති “ස්ථාවර රටකට සැවොම එක මඟකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ඩිජිටල් කිරීමෙන් ඉදිරි වසර දෙක තුළ ලාභ ලබන පරිසරයක් තැපෑල තුළ නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වසර අවසන් වන විට අලාභය රුපියල් මිලියන 3000කින් අඩු කර ගැනීමටත්, 2025 වන විට ලාභ ලබන තැපෑලක් ඇති කිරීමට ද සැලසුම් කර ඇති බව පැවසීය.
දැනට පවතින තැපැල් ආඥා පනත මඟින් තැපෑල නව්‍යකරණයට බාධා පවතින බැවින් කඩිනමින් එය සංශෝධනය කිරීමට පියවර ගනිමින් සිටින බවත් එහි කටයුතු මේ වන විටත් සියයට 80කින් අවසන් කර ඇති බව ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙසේ ද පැවසීය.
මේ රටේ තිබෙන පැරැණිතම දෙපාර්තමේන්තුවක් වන තැපැල් දෙපාර්තමේන්තුවේ දැනටත් පවතින්නේ රැජිනගේ කාලයේ ගෙනා ආඥා පනතක්. එය තවමත් සංශෝධනය වී තිබෙන්නේ එක් වරක් පමණයි. එය තැලෑප නව්‍යකරණයට විශාල බාධාවක්ව පවතිනවා. එය වෙනස් කිරීම මඟින් අදායම් වැඩි කර ගැනීමට අප බලාපොරොත්තු වනවා. තැපෑලේ සමස්ත සේවකයන් 27,000ක් පමණ සිටින අතර, තැපෑල් කාර්යාල 653ක්, උප තැපැල් කාර්යාල 3342, නියෝජ්‍ය තැපැල් කාර්යාල 140කින් සමන්විතයි. මෙපමණ ජාලගත තැපෑලක් අපට තිබුණත් ගිය වසරේ අලාභය රුපියල් මිලියන 7000ක් වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අමාත්‍යාංශය මට භාරදුන් පසු මෙම තැපෑල ගොඩනැඟීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ගෙන යන වැඩපිළවෙළ නිසා මේ වසරේ තැපෑලේ අලාභය රුපියල් මිලියන 3000කින් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම තත්ත්වය, 2024 වසර වන විට ආදායම වියදම අතර පරතරය සමපාත කිරීමට සැලසුම් කර තිබෙනවා. 2025දී තවදුරටත් භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැති තැපෑලක් බිහි කිරීම අපේ අරමුණයි.
තැපෑල ඩිජිටල්කරණයෙන් නව අදායම් උත්පාදන මාර්ග ඇති කිරීමට අප බලාපොරොත්තු වනවා. දැනට මුද්දර අලෙවියෙන් රුපියල් මිලියන 4000ක් උපයන අතර, තැපැල් මුද්‍රා තැබීමෙන් රුපියල් මිලියන 668ක් ඉපයීමට සමත්ව තිබෙනවා. ලිපි හා භාණ්ඩ හුවමාරුවෙන් රුපියල් මිලියන 131ක් හා කෑෂ් ඔන් ඩිලිවරි සේවාව මඟින් රුපියල් මිලියන 200ක අදායමක් උපයා ගැනීමට තැපෑල සමත්ව තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී කෑෂ් ඔන් ඩිලිවරි ක්‍රමය තවත් ප්‍රචලිත කරමින් අදායම් තත්ත්වය ඉහළ දැමීමට සැලසුම් කර තිබෙනවා. විදේශ ගමන් බලපත්‍රය, විභාග ලේඛන, ඉඩම්, උප්පැන්න හා මරණ සහතික මෙන්ම ඔන්ලයින් භාණ්ඩ මිලදී ගැනීම හා බෙදාහැරීමෙ ක්‍රියාවලියට අනුගතවීමට තැපෑල් දෙපාර්තමේන්තුව සූදානම් කිරීමට සැලසුම් කර තිබෙනවා. ස්මාර්ට් තැපෑල නිර්මාණය කිරීමේදී දිගු කාලයක් පවතින සාම්ප්‍රදායික ක්ෂේත්‍ර සේවාවට යොදවා තිබූ පාපැදිය වෙනුවට ත්‍රීරෝද රථ 1000ක් දිවයින පුරා යෙදවීමටත් සැලසුම් කර තිබෙනවා.ඒ වගේම නිල ඇඳුම් ලබාදීමටත් අප බලාපොරොත්තු වනවා. මේ සියලු දේ සැලසුම් කර ශක්තිමත් තැපෑලක් නිර්මාණය කිරීම අපේ සැලසුමයි.
ඉදිරියේ දී නඩුකටයුතු පිළිබඳ සමථකරණයකට එළඹීමෙන් පසු පෙර පැවැත්වීමට නියමිත ව තිබූ උපාධිධාරී ගුරු විභාගය නියමිත පරිදි පවත්වා ප්‍රතිඵල අනුව අනතුරුව එම උපාධිධාරීන් පළාත් මගින් පවත්වන සම්මුඛ පරීක්ෂණ අනුව ගුරුවරුන් වශයෙන් බඳවාගත් පසු මෙම ගුරු හිඟය බොහෝදුරට මගහැරී යනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (21) සම්මත විය.
පක්ෂ භේද නොසලකා මැතිවරණයක් ඉල්ලා එකට එක්ව හඬ නඟමුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිවිල් සංවිධාන සහ විපක්ෂයේ පක්ෂ නියෝජිතයන්ගෙන් ඉල්ලයි.
මීට වසරකට පෙර මේ රටේ කිසිඳු නීතියක් ක්‍රියාත්මක නොවූ බවත් එවැනි තත්ත්වයක් තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාර ගැනීමෙන් පසු රටේ නීතිය නැවත ස්ථාපිත කරමින් රට සාමාන්‍ය තත්ත්වයට ගෙන එමින් සිටින බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
තම අමාත්‍යංශය යටතේ ඇති සෑම ආයතන ප්‍රධානියෙකුම තමන්ගේ ආයතනය තුලින් වාර්ෂිකව ආදායම ඉපයීම සම්බන්ධයෙන් සැලසුමක් සැකසිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
- සමාජ සවිබලගැන්වීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල්
සුබසාධන රාජ්‍යයක සිට ව්‍යවසායික රාජ්‍යයක් දක්වා ශ්‍රී ලංකාව ගෙන යාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බවත් “අස්වැසුම” වැඩසටහනේ අවසන් ඉලක්කය සවිබල ගැන්වුණ ව්‍යවසායක ජාලයක් නිර්මාණය කිරීම බවත් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පැවසීය.
“අස්වැසුම” වැඩසටහනේ අවසන් අරමුණ වසර 2048 වන විට දිළිඳු බවින් තොර රටක් වෙනුවට දියුණු රටක් නිර්මාණය කිරීම බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
සමාජ සවිබලගැන්වීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා මේ බව සඳහන් කර සිටියේ අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති "ස්ථාවර රටකට සැවොම එක මගකට" ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මිලියන 1.2ක පමණ ජනතාව නිෂ්පාදන ආර්ථිකයට එක් කරමින් ඔවුන් සවිබල ගැන්වීමේ සැලසුම මෙම මස අවසන් වීමට පෙර ජනාධිපතිවරයාට බාර දෙන බව පැවසු රාජ්‍ය අමාත්‍යවරයා පාසල් යන වයසේ සිට වයස්ගත පුද්ගලයා දක්වා ආරක්ෂා කිරීම සහ සවිබලගැන්වීමේ වැඩපිළිවෙළ ඊට ඇතුළත් බව ද කියා සිටියේය.
අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය පසුගිය 10 වනදායින් අවසන් වූ අතර එය තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු නොකළේ සුදුසුකම් ලැබූවන්ට ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වන නිසා බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා මෙවර අයදුම් කිරීමට නොහැකි වූ හෝ අභියාචනා ඉදිරිපත් කිරීමට නොහැකි වූවන්ට ලබන අගෝස්තු 01 වනදා සිට නැවතත් එම අවස්ථාව හිමි වන බවද සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා මෙසේ ද පැවසීය.
“අස්වැසුම” වැඩසටහන අප හඳුන්වා දුන්නේ දීර්ඝ කාලයක් පුරා සමාජය තුළ පැවති විවේචනයකට පිළිතුරක් ලෙසයි. සමෘද්ධි ව්‍යාපාරය සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ දී විවිධ අක්‍රමිකතා ඇති වූ බවට චෝදනා එල්ල වුණා. විශේෂයෙන් සමෘද්ධි වැඩසටහන තුළ සමාජ සවිබලගැන්වීමේ ක්‍රමවේදයක් නොමැති බවට විපක්ෂයෙන් චෝදනා එල්ල වුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව සමාජ සුබසාධක මණ්ඩලය විසින් “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මක කළේ සමාජ සවිබල ගැන්වීමේ ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිවයි. අස්වැසුම වැඩසටහන දේශපාලනයෙන් තොර විනිවිද පෙනෙන ක්‍රියාවලියක්. එම ක්‍රියාවලිය තුළම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තිබෙනවා. එසේම වාර්ෂිකව සුදුස්සන් ඇතුළත් කරගැනීමේ සහ නුසුදුසු පිරිස් ඉවත් කිරීමේ ක්‍රියාවලියත් ඊට ඇතුළත් වෙනවා.
මිලියන 1.2ක පමණ ජනතාව නිෂ්පාදන ආර්ථිකයට එක් කරමින් සවිබල ගැන්වීමේ කටයුත්ත ජනාධිපතිවරයා විසින් අපේ අමාත්‍යාංශයට භාර දුන්නා. ඊට අදාළ සැළැස්ම මේ මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරයා වෙත ලබා දෙනවා. එම සැලැස්ම වසර 03ක සැලැස්මක් වන අතර එම කාලය තුළ මෙම පිරිස සවිබල ගැන්වීම සිදු කෙරෙනවා.
මේ රටේ සමෘද්ධිලාභීන් ලක්ෂ 18න් සියයට 50කට වැඩි පිරිසක් වැඩිහිටියන්. ඔවුන් තරුණ වියේදී විවිධ රැකියාවල නිරත වුවත්, වයස අවුරුදු 60න් පසු සමෘද්ධි ව්‍යාපාරයට ඇතුළත් වී තිබෙනවා. ඒ පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙන අතර සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දායකත්වයෙන් විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වා දීමට ඒ අනුව පියවර ගෙන තිබෙනවා. එය ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව වයස අවුරුදු 18 සිට වසර 05ක කාලයක් ඒ සඳහා දායකවූවෙකුට අවුරුදු 60න් පසු විශ්‍රාම වැටුපක් හිමි වෙනවා. එම දායකත්වය අඛණ්ඩව ලබා දීමටත් හැකියාව තිබෙනවා. දායකත්ව කාලය අනුව විශ්‍රාම වැටුප වැඩි කර ගත හැකියි.
ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් සමාජ සවිබල ගැන්වීමේ කාර්යයේදී ඉතා වැදගත් වෙනවා. එමඟින් පුහුණු වෘත්තිකයින් බිහි කිරීම ඉලක්කයයි.
මෙම සමස්ත වැඩසටහන සඳහා අපට චීනයෙන් , ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් වගේම සමෘද්ධි බැංකු පද්ධතියෙන් සහය ලැබෙනවා. ඒ අනුව දිළිදුබව තුරන් කිරීමට නොව, පොහොසතුන් නිර්මාණය කිරීමට අප ඉදිරියේ දී මෙරට සමෘද්ධි බැංකු පද්ධතිය භාවිතා කිරීමට සැලසුම් කර තිබෙනවා.
අද සමෘද්ධි බැංකු පිළිබඳ වැරදි මතයක් ගොඩනැඟීමට ඇතැම් දේශපාලනඥයන් දැඩි උත්සාහයක නිරත වෙනවා. නමුත් අස්වැසුම වැඩසටහන හරහා සමෘද්ධි ව්‍යාපාරයත්, සමෘද්ධි බැංකු පද්ධතියත් වඩා ජව සම්පන්නව ඉදිරියට ගෙනයාම සිදු වෙනවා.
අස්වැසුම ක්‍රියාවලිය නිවැරදිව සිදු කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව එහි අභියාචනා කාලය පසුගිය සඳුදා දිනයෙන් අවසන් වුණා. එය තව දුරටත් දිර්ඝ කිරීමෙන් සිදුවන්නේ සුදුසුකම් ලැබූවන්ට ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වීමයි. අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට ලබා දුන් කාලය හොඳටම ප්‍රමාණවත් කියා අප විශ්වාස කරනවා.
ඒ වගේම ලබන අගෝස්තු 01 වනදා සිට, මෙවර අයදුම් කිරීමට නොහැකි වූ හෝ අභියාචනා ඉදිරිපත් කිරීමට නොහැකි වූ අයට අලුතින් අයදුම් කිරීමට අවස්ථාව සැලසෙනවා. වාර්ෂිකව යම් කිසි ප්‍රමාණයක් මෙම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සුදුසුකම් ලබනවා වගේම විවිධ හේතු මත යම් පිරිසක් ඉවත් වීම සිදු වෙනවා. ඒ වගේම පාසල් වයසේ සිට වයස්ගත පුද්ගලයා දක්වාම ආරක්ෂා කර සවිබලගැන්වීම මෙම අස්වැසුම වැඩසටහන තුළින් සිදු කෙරෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ 2048 වන විට ශ්‍රි ලංකාව දියුණු රටක් බවට පත් කිරීම මිස දිළිඳුකම පිටුදැකීම නොවෙයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කරමින් සිටිනවා. අපට අවශ්‍ය කරන්නේ සුබසාධන රාජ්‍යයක් නෙවෙයි. අප නිර්මාණය කළයුත්තේ ව්‍යවසායික රාජ්‍යයක්. සුබසාධන රාජ්‍යයක් තුළින් දියුණු රාජ්‍යයක් ගොඩනැඟීමේ ඉලක්ක සපුරාගත නොහැකියි. ඒ සඳහා වන වැඩසටහන අද ක්‍රමාණුකූලව ඉදිරියට ගෙන යන බව කිවයුතුයි.
සිල්ලර දේශපාලනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය අවභාවිතා නොකරන ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කතානායකවරයාගෙන් අද (18) උදෑසන කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
ජූලි දෙවැනි පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගිය 7 වැනිදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව ඔහු වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා ඇතැයි වාර්තා වෙයි.
උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය තමා මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජූලි දෙවැනි පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගිය 7 වැනිදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
තමා යටතේ කිසිදු ගීතයක් වාරණය නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.
ඇතැම් කණ්ඩායම් රට තුළ නැවත ජාතිවාදී හා ආගම්වාදී ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ දරන බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා අද(07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
Page 57 of 551