Tuesday, July 21, 2026
Follow Us
ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 28 713 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර තිබේ. 

එම කාලසීමාවේ ඩෙංගු මරණ 15 ක් වාර්තා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව මදුරුවන් බෝවීම වැළැක්වීමට සහ ඩෙංගු පැතිරීම පාලනය කිරීමට පියවර ගන්නා ලෙසයි ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටියි