Tuesday, July 08, 2025
Follow Us
රටේ ආහාර අවශ්‍යතාව රට තුළින්ම සපුරන බව සජිත් කියයි

ගොවි ජනතාවගේ නිෂ්පාදන ආරක්ෂා කරගැනීම වෙනුවෙන් නව වැඩපිළිවළක් ආරම්භ කරන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. ඔහු මෙම අදහස් පළකළේ හඟුරන්තෙක පැවැති ජනරැළියක් අමතමින්.

මින් ඉදිරියට තමාගේ බලාපොරොත්තුව රටේ ආහාර අවශ්‍යතාවය සපුරාලීම සඳහා විදේශීය ගොවියන්ගේ නිෂ්පාදන ගෙන එන්නට අවශ්‍ය නොවන බවයි යනුවෙන් ද සඳහන් කළා. මෙරට ගොවියන් සම්බන්ධ කරගනිමින් මෙරට අවශ්‍යතාව මෙන්ම බෝග අපනයනය කරන වැඩපිළිවෙලක්ද සකස් කරන බවත් සඳහන් කළා.

ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මෙහිදී ප‍්‍රකාශ කළේ ගොවි ජනතාව වෙනුවෙන් නව රක්ෂණ ක‍්‍රමයක් ද හඳුන්වා දෙන බවයි.

(Neth)