Saturday, September 26, 2026
Follow Us
බිනර පසළොස්වක පොහෝ දිනය අදයි

ශාසනික ඉතිහාසයේ අතිශය වැදගත් හා පූජනීය සිදුවීම් රාශියකට මුල් වූ බිනර පසළොස්වක පොහෝ දිනය අදට (26) යෙදී තිබේ.

මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු කුල කාන්තාවන් පන්සිය දෙනෙකු පැවිදිභාවය ලැබීමත් සමඟ භික්ෂුණී ශාසනය ආරම්භ වූයේ අද වැනි දිනක බව ශාසනික ඉතිහාසයේ සඳහන් වේ.

අෂ්ට ගරු ධර්ම පැනවීම, කාන්තාවන්ට පැවිද්ද ලබාදීම සඳහා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පිරිස කළ ඉල්ලීම බුදුරජාණන් වහන්සේ මුලින් ප්‍රතික්ෂේප කළද, පසුව ආනන්ද හිමියන්ගේ මැදිහත්වීම මත කාන්තාවන් විසින් රැකිය යුතු අෂ්ට ගරු ධර්ම පනවා භික්ෂුණී ශාසනය පිහිටුවීමට අවසර ලබාදී ඇත්තේ අදවන් දිනයකය

ශ්‍රී ලාංකිකයන්ට බිනර පොහොය දිනය වැදගත් වන්නේ, තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත් බුදු පියාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමත් මෙම උතුම් බිනර පොහෝ දිනයේදී සිදු වීමය. බිනර පුර පොහෝය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරවල බෞද්ධ බැතිමත්හු ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවල නිරත වෙති.