Tuesday, February 17, 2026
Follow Us
"මේ රජය පොලිසිය පාවිච්චි කළේ දේශපාලන විරුද්ධවාදීන් පසුපස යන්නයි"

ආරක්‍ෂක අංශවල අභිමානය යළි රැකදීමට තමන් කටයුතු කළ බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. කන්තලේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ කියා සිටියේ "මේ රජය පොලිසියේ තියෙන වෘත්තීයභාවය නැති කළා. අපි ඒ කාලේ මේ පොලිසියේ තිබුණු ආයතන පාවිච්චි කළේ ත්‍රස්තවාදය පරාජය කරන්න. නමුත් මේ රජය ඒ අයව පාවිච්චි කළේ දේශපාලන විරුද්ධවාදීන් පසුපස හඹා ගොස් බොරු චෝදනා නගලා ඒ අයව හිර ගෙවල්වල දාන්න. නැවතත් බුද්ධි සේවාව මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් අපි ක්‍රියාත්මක කරනවා." යනුවෙනි.

(Neth)