Tuesday, February 17, 2026
Follow Us
විදෙස්ගත විද්වතුන් රැසක් එක් වේ

ජනාධිපති ධුර අපේක්ෂක ගෝ්ඨාභය රාජපක්ෂගේ ජයග‍්‍රහණය වෙනුවෙන් විදෙස්ගත විද්වතුන් රැසක් එක්වී තිබෙනවා.

විදෙස්ගත විද්වතුන්ගෙන් බහුතරයක් දැනටමත් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝ්ඨාභය රාජපක්ෂට සහය පළ කිරීමේ අරමුණින්.

විද්වතුන් පෙන්වා දෙන්නේ නවීන ලෝකය තුළ ශ‍්‍රී ලංකාව ඔසවා තැබීමට නම් පැහැදිළි දැක්මක් මෙන්ම නිවැරදි නායකත්වයක ද අවශ්‍ය බවයි.

අපට රටක් සංවිධානයේ ජාතික සංවිධායක නලින් තුෂාර කංකානම කියා සිටියේ ජාතිකවාදී ව්‍යාපාර හරහා රට හරි මගම ගත යුතුව ඇති බවයි.

විදෙස්ගත විද්වතුන් මෙලෙස එක්වී සිටින්නේ දේශපාලන වාසි ලබාගැනීමට නොවන බවත්, රටේ ඉදිරි දැක්ම වෙනුවෙන් බවත්, අවධාරණය කෙරුණා.

(Neth)