Friday, July 10, 2026
Follow Us
පාර්ලිමේන්තු මහලේකම් පත් කරයි

පාර්ලිමේන්තු මහ ලේකම් ධුරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වත්මන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පත් කර තිබේ.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව මෙම 23 වැනිදා සිට කුෂාණි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තු මහ ලේකම් තනතුරේ කටයුතු කරනු ඇත.