Thursday, January 29, 2026
Follow Us
රට ගොඩගැනිමට සියලු සංවිධාන එක් විය යුතුයි

රට ගොඩගැනීමට නම් සියලු සංවිධාන එක් විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.


ඔහු ප්‍රකාශ කළේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලැබී ඇති අවසන් අවස්ථාව මෙය වන බවයි.

ගත් ණය ක්‍රමානුකූලව භාවිත කිරිම තුළින් ණය අවසන් කිරීමට හැකි වන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ගත් ණය ගෙවා අවසන් කර ණය දෙන රටක් බවට පරිවර්තනය කිරිමට ජනාධිපතිවරයා ටික කාලයක් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටි බව ද සඳහන් ක‌ළේය.
ජනාධිපතිවරයා තිබෙන ජාත්‍යන්තර සම්බන්ධතා මත ජනතාව ජනාධිපතිවරයාගෙන් ප්‍රයෝජන ගත යුතු බව ද අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසිය.