Thursday, July 09, 2026
Follow Us
20 වැනිදා පක්ෂ  නායක කැඳවිමක්

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පෙරවරු 11.00ට මෙම රැස්විම පැවැත්විමට නියමිතයි.

මෙම රැස්වීමට සහභාගිවන ලෙස සියලු පක්ෂ නායකයන්ට දැනටමත් දැනුම් දී ඇති බව ද වැඩිදුරටත් වාර්තා වෙයි .