Thursday, January 29, 2026
Follow Us
පළාත් පාලන ඡන්ද වීමසීම සම්බන්ධයෙන් නිවේදනයක්

2023 අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දෙවන වතාවටත් කල්දැමීමට සිදුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට සඳහා විවිධ අවහිරතා මධ්‍යයේ කටයුතු කළ ද ඒ සඳහා අවශ්‍ය වන්නා වු මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හා කොමිෂන් සභාවේ පාලනයෙන් තොරවු හේතු මත මෙම ඡන්ද විමසීම කල්දැමීමට සිදුව ඇති එම නිවේදනයේ සඳහන් වේ.