Friday, March 27, 2026
Follow Us
දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක්

එළඹෙන දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කුමන මැතිවරණයක් පැවැත් වුවද ඒ් සඳහා සූදානම් බව නාරාහේන්පිට අභයාරාමයේදී අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

අවශ්‍ය වේලාවට අවශ්‍ය කණ්ඩායම් තම පක්ෂය වටා එකතු වනු ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.