Friday, March 27, 2026
Follow Us

නීති විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකිරීමට අදාළ ගැසට් නිවේදනය අද (21) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් පරාජයට පත් කෙරිණි.

ගැසට් නිවේදනයට විපක්ෂව ඡන්ද 113ක් ලැබුණු අතර පක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.

නීති විභාගයන් ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකිරීමට අදාළ ගැසට් නිවේදනය අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එම නිවේදනයට ඡන්දයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කිරීමත් සමග අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට කතානායකවරයා පියවර ගත්තේය.