Thursday, January 29, 2026
Follow Us
මැතිවරණ කොමිසම කළ ඉල්ලීමට මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රතිචාර

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම කළ ඉල්ලීම මුදල් අමාත්‍යවරයා වෙත යොමු කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලිපියක් මගින් දැනුම් දුන් බව එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පවසයි.

මේ අතර රජයේ මුද්‍රණාලයේ ආරංචි මාර්ග සඳහන් කළේ, ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ඉල්ලා මුද්‍රණාලයාධිපතිනිය විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකළ ඉල්ලීමට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් මුදල් අමාත්‍යාංශය පාර්ශ්වයෙන් ලැබී නොමැති බවය.

අප්‍රේල් මස 25 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදන දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් නිකුත් කර ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඊයේ (10) නිවේදනය කළේය.

 

ARUNA