Thursday, January 29, 2026
Follow Us
නවසීලන්තයට අද නව අගමැතිවරයෙක්

නවසීලන්තයට අද නව අග්‍රාමාත්‍යවරයෙකු තේරී පත්වීමට නියමිතව තිබෙනවා. ඒ, වත්මන් අග්‍රාමාත්‍ය ජසින්තා ආඩ්න් තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්.

ඒ අනුව පාලක කම්කරු පක්ෂ බල මණ්ඩලය එරට වේලාවෙන් අද පස්වරු 01 ට රැස්වීමට නියමිත අතර එහිදී නව අග්‍රාමාතවරයා පත් කර ගනු ඇති බවයි වාර්තා වන්නේ.

නව අග්‍රාමාත්‍යවරයා වන්නේ ද කම්කරු පක්ෂයේ නියෝජිතයෙකු වන අතර ඒ සඳහා යෝජනා වී ඇත්තේ නවසීලන්තයේ වත්මන් පොලිස් හා අධ්‍යාපන අමාත්‍යධූරය හොබවන ක්‍රිස් හිප්කින්ස්.

මේවනවිට 44 වන වියේ පසුවන ක්‍රිස් හිප්කින්ස්, පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 2018 වසරේදීයි. පාලක කම්කරු පක්ෂ බල මණ්ඩලය විසින් ක්‍රිස් හිප්කින්ස් නව අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරා පත් කර ගත හොත් ඔක්තෝම්බර් මාසය දක්වා ඔහු නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති.

නවසීලන්තයේ මීලග මහ මැතිවරණය ලබන ඔක්තෝම්බර් 14 වනදා පැවැත්වීමට නියමිතයි 

NETH