Thursday, January 29, 2026
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රී පුරප්පාඩුවක්

මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි.

කොළඹ මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුජිබර් රහුමාන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාරදුන් බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.


මුජිබර් රහුමාන් මහතාගේ ලිපියට අනුව ඉහත ඉල්ලා අස්වීම 2023 ජනවාරි 20 වැනිදා සිට බලපැවැත්වෙන බවද මහ ලේකම්වරයා දන්වා තිබේ.

ඒ අනුව, නවවැනි පාර්ලිමේන්තුවේ මුජිබර් රහුමාන් මහතාගේ අසුන හිස්ව ඇති බව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව දැනුම් දෙන බවද මහ‍ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දන්වා සිටී.