ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී ඇති කාලය අදින් අවසන් වේ.
අද දින දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කිරීමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.
මේ වනවිට දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප මුදල් තැන්පත් කර තිබේ.
මෙම පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා ලබන 21 වැනිදා දහවල් 12 දක්වා භාරගැනීමට නියමිතය.