මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුට එල්ල වූ තර්ජන පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
තර්ජනයට ලක්වූ, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනාට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බව ප්‍රකාශ කළ අගමැතිවරයා අවශ්‍ය ආරක්ෂාව ලබාගැනීම සඳහා මැතිවරණ කොමිසමට බලය ඇති බවද පැවසිය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත ගැන පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.
ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය මූලික ගැටලුද පවතින බව කී අග්‍රාමාත්‍යවරයා, සියලු දෙනාට ආරක්ෂාව දිය යුතු බව ද සඳහන් කළේය.