Thursday, January 29, 2026
Follow Us
උපක්‍රමවලින් මැතිවරණය කල් දාන්න හදනවා - විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දී කියයි

මැතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අරමුණින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනකුට මරණ තර්ජන පවා මේ වන විට එල්ල කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් ද යොමු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට පවසා ඇත්තේ මැතිවරණය පැවැත්විය හැක්කේ පවතින නීතිය යටතේ බැවින් යම් හෙයකින් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අද පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් ඉදිරියේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට එය බාධාවක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා රජය විසින් සීමා නිර්ණය කොමිසම ගෙන ඒම, මැතිවරණ කොමිසමේ තීන්දුව වැරදියි හා එහි විවිධ මත ඇති බව පැවසීම, ජනාධිපති සහ අගමැති පක්ෂයක නායකයකු සහ සාමාජිකයකු ව සිටියදී මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් ගෙන්වා ලිපි ද්‍රව්‍ය පරික්ෂා කිරිම වැනි ස්වාධීන මැතිවරණ කොමිසමේ ක්‍රියාවලියට බලපෑම් එල්ල කිරීම, මැතිවරණයට මුදල් නොමැති බව පැවසීම, මුදල් අච්චු ගහන්න බැහැ යනුවෙන් අයිඑම්එෆ් කොන්දේසි ඇති බව පැවසීය ආදී ක්‍රියා කළ බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.