Thursday, January 29, 2026
Follow Us
කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය, වනජීවි සහ වන සම්පත් සංරක්ෂණ කැබිනට් අමාත්‍ය ධූරයෙහිත්, ජීවන් තොණ්ඩමන් මහතා ජල සම්පාදන සහ වතු යටිතලපහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරයෙහිත් මෙලෙස දිවුරුම් දෙනු ලැබූහ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

326067578 1541185383040053 4915965687199253489 n