ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ තැපැල් ඡන්ද දීම සඳහා අයදුම්පත් බාරගැනිම ජනවාරී 31න් අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
තැපෑලේදී ඇතිවිය හැකි ප්‍රමාද වීම හා මෙම කාලය අතර තුරු සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දින යෙදී තිබීම මත නියමිත දිනයට පෙර අයදුම්පත් නොලැබීය හැකි බැවින් 2023 ජනාවරී 20,21,22,23, සිව් දින තුළදී සහතික කරන ලද තැපැල් ඡන්ද අයදුම්පත් ඔබගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත අතින් ගෙනවිත් භාර දෙන ලෙස සියලුම තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත කොමිෂන් සභාව දන්වා සිටි.