Thursday, January 29, 2026
Follow Us
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද විවාදයට 

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත  අද (19) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (19) පැවැත්වීමට ඊයේ (18) කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මේ අනුව අද (19)   පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිත බව ද මහලේකම්වරයා වැඩිදුරටත්  පැවසීය.