Thursday, January 29, 2026
Follow Us
බස් දෙන්නේ දුක් විදින දුවා දරුවන්ටයි - විපක්ෂ නායක

තමන් විසින් සක්වල හරහා බස්රථ ලබා දෙන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබන දුවාදරුවන්ට මිස කාගෙවත් ඥාති හිත මිත්‍රාදීන්ට නොවන බවත්, මේ උතුම් සත්කාරයට කුහකකම් නොකරන ලෙසත්, බස්රථ වැඩපිළිවෙළ පිළිබඳව අවශ්‍ය නම් සතියක විවාදයකට තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බොහෝ පාසල්වල ප්‍රවාහන වියදම අතිවිශාල බව පැවසූ විපක්ෂ නායකවරයා ඒවාට වියදම් වන්නේ මේ රටේ දෙමාපියන්ගේ මුදල් බවත් සඳහන් කළේය.

ඊට පිළියමක් ලෙස බස්රථ ලබාදීම තමන් විසින් සිදු කරන බවත් පැවසූ අතර, ඇත්ත මුන් මැතිවරණ කාලයට ඔවුන්ගේ ලාංඡන සහ අංක යොදා ගෙන මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට බස් රථ යොදා ගන්නා නමුත්, තමන් සිදු කරන්නේ දුවාදරුවන්ගේ ප්‍රයෝජනය සඳහා බස් රථ පරිත්‍යාග කිරීම බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.