Thursday, January 29, 2026
Follow Us
රට දිනන මග කුමක්ද ? – සර්වපාක්ෂික හමුව අමතා විපක්ෂ නායක සජිත් කියයි

ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම උදෙසා ජාති ආගම් කුල මල බේද නොසලකා සියලු දෙනා එකට එක් විය යුතු බවත්, අවස්ථාවාදීත්වය බැහැර කරමින් රට ගොඩනැගීමේ අරමුණ ප්‍රමුඛ කර ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජාතිවාදය වර්ගවාදය ආගම්වාදය ප්‍රතික්ෂේප කරන නීති රීති පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා සියලු ජන කොටස් අතර විශ්වාසය සහතික කිරීම අත්‍යවශ්‍ය බව ද අවධාරණය කළේය.

දේශපාලන වශයෙන් සහ මතිමතාන්තර වශයෙන් තිබෙන වෙනස්කම් වලට ගරු කළ යුතු බවත්, රටක් හැටියට එක්ව කටයුතු කළ යුතු අවස්ථාව තුළ එවැනි මත වාද පසෙකලා කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පසුගිය 13 වනදා පැවති සර්ව සර්වපාක්ෂික හමුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

LNW