Friday, January 30, 2026
Follow Us
ඩයනාගේ පෙත්සමට දුන් අධිකරණ නියෝගය

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ජනවාරි මස 26 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළේය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම ඉදිරිපත් කළ ඔෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් සහ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසීම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය හදිසි නඩු කටයුත්තක් සේ සලකා කඩිනමින් විභාග කිරීම සඳහා දිනයක් නියම කළ මෙන් ඉල්ලා සිටියේය.

Aruna