සමගි ජන බලවේගයේ 2022 වාර්ෂික සම්මේලනය ඊයේ (11) බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විණි.
බොරැල්ලේ සිට සහ දෙමටගොඩ සිට පාගමන් දෙකකින් පැමිණි දැවැන්ත ජනකායක් මෙම සම්මේලනයට එක්ව සිටියහ.
මෙහිදී 2023 වසර සඳහා සජබ නායකයා වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව ඒකමතිකව පත්කරගනු ලැබිණි.
සජබ මහලේකම්වරයා වශයෙන් රංජිත් මද්දුම බණ්ඩාර මහතාත්, සභාපතිවරයා වශයෙන් සරත් ෆොන්සේකා මහතාත්, භාණ්ඩාගාරිකවරයා වශයෙන් හර්ෂ ද සිල්වා මහතාත්, ජාතික සංවිධායකවරයා වශයෙන් තිස්ස අත්තනායක මහතාත් නැවත වරක් පත්කරගනු ලැබිණි.
LNW