Friday, January 30, 2026
Follow Us
සජබ වාර්ෂික සම්මේලනය අද බොරැල්ල කැම්බල් පිටියේදී

සමගි ජනබලවේගයේ වාර්ෂික සම්මේලනය බොරැල්ල කැම්බල් පිටියේදී අද පැවැත්වෙනවා.

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ආරම්භයක් ලෙස පවත්වන වාර්ෂික සම්මේලනයට සියලු මැතිවරණ කොට්ඨාශ නියෝජනය කරමින් පාක්ෂිකයින් රැසක් සහභාගි වන බවයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ.

“පෙරළියට මඟ කියන කරළියට ගොඩවන්න” යන තේමාව යටතේ පක්ෂ සම්මේලනය පස්වරු 02 ට කැම්බල් පිටියේදී ආරම්භ වන බවයි සමඟි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් පැවසුවේ.

Neth