මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන දහයක් (කෝටි දාහක්) වැය වන බවට ගණන් බලා ඇති අතර, ඊට අදාළ ඇස්තමේන්තු මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනටමත් මුදල් අමාත්‍යාංශයට යවා ඇත.
මෙම මැතිවරණය සඳහා දල වශයෙන් නිලධාරීන් ලක්ෂ දෙකහමාරක්, තුනත් අතර සංඛ්‍යාවක් යෙදවීමට සිදුවන බව මැතිවරණ කොමිසන් සභාව කියයි.
ඊට ආරක්ෂක කටයුතු සඳහා යොදා ගන්නා පොලිස් නිලධාරීන්ද ඇතුළත්ය. රාජකාරි කරන නිලධාරීන්ට අමතර දීමනා, ප්‍රවාහන දීමනා, ඉන්ධන, මුද්‍රණ ගාස්තු, ජලය, විදුලිය, ජෙනරේටර් ආදිය සඳහා මැතිවරණ කටයුතුවලදී මුදල් වියදම් කෙරේ.
මැතිවරණය සතියේ දිනක පවත්වන්නේ නම් නිලධාරීන්ට ගෙවන දීමනා යම් ප්‍රමාණයක් අඩුකර ගත හැකි බවද එම ොමිසම කියයි.මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම දෙසැම්බර් මස අගදී සිදු කිරීමට නියමිත අතර, ඒ අනුව මැතිවරණ කටයුතු සඳහා අවම වශයෙන් මාස දෙකක පමණ කාලයක් ගතවේ. පළාත් පාලන මැතිවරණය ලබන වසරේ (2023) පෙබරවාරි මස හෝ මාර්තු මස මුලදී පැවැත්වීමට නියමිතය. බොහෝ දුරට මැතිවරණය සෙනසුරාදා දිනයක පැවැත්වීමට නියමිතය.
ඉකුත් වසරට (2021) වඩා මේ වසරේ (2022) ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව දෙලක්ෂ තිස් පන්දහස් හාරසිය අනූ හයකින් (235496)කින් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය.ඉකුත් වසරේ (2021) ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව එක් කෝටි හැටපන් ලක්ෂ හැත්තෑ පන් දහස් හයසිය හතළිස් හයක් (16575846) ක් වූ අතර මේ වසරේ ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව එක්කෝටි හැට අට ලක්ෂ එකොළොස් දහස් තුන්සිය හතළිස් දෙකකි. (16811342).
Aruna