Friday, January 30, 2026
Follow Us
ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව සඳහා සාමාජිකයින් නම් කෙරේ

පසුගිය 06 වනදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව සඳහා තේරීම් කාරක සභාව විසින් සාමාජික මන්ත්‍රීවරුන් නම් කර තිබෙනවා.

ඒ අනුව ශෙහාන් සේමසිංහ, තාරක බාලසූරිය, පවිත්‍රා දේවී වන්නිආරච්චි, සී.බී. රත්නායක, නාමල් රාජපක්ෂ එම තේරීම් කාරක සභාවට නම්කර තිබෙනවා.

ඊට අමතරව ජීවන් තොන්ඩමන්, අකිල එල්ලාවල, කුමාරසිරි රත්නායක, මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ මර්ජාන් ෆලීල් යන මන්ත්‍රීවරුන්ද එම තේරීම් කාරක සභාවට නම්කර ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට නිවේදනය කළේ.

Neth