Friday, January 30, 2026
Follow Us
අයවැය තුන්වනවර ඡන්ද විමසීම අද

අදත් අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ විවාදයට


2023 වසර සදහා වන අයවැය තුන්වන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතව තිබේ.

පස්වරු 5.00ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ප්‍රතිපත්ති මෙන්ම ආයෝජන ප්‍රවර්ධන යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ එහිදී විවාදයට ගැනීමට නියමිතව ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය නොවැම්බර් මස 14 වනදා ඉදිරිපත් කළ අයවැය දෙවන වර කියවීම දින හතක් විවාදයට ලක් කෙරිණි.

අනතුරුව පසුගිය 22 වැනිදා පැවති අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 37කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 121ක් සහ විපක්ෂව ඡන්ද 84ක් හිමි විය.

අනතුරු ව පසුගිය 23 වැනිදා සිට අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කෙරුණු අතර, අද දිනයේ දී ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

Aruna