Friday, January 30, 2026
Follow Us
රටේ වත්මන් අර්බුදයට ජනතාව ද වගකිව යුතු බව ඇමතිවරයෙක් කියයි

රට මුහුණ පා ඇති වත්මන් අර්බුදයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව රටේ සියලු ජනතාව ද වගකිව යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අනුරාධපුරය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ දැන් සිදුකළ යුත්තේ එකිනෙකාට චෝදනා කර ගැනීම නොව මෙම අර්බුදයෙන් ගොඩඒම සඳහා ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ගවලට එළඹීම බවයි.

රට මුහුණ පා ඇති මෙම අර්බුදයෙන් ගොඩඒම සඳහා බලලෝභීත්වයෙන් තොරව අපක්ෂපාතීව කටයුතු කළ යුතු බවයි අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

Neth