Tuesday, April 23, 2024
Follow Us
පුංචි ඡන්දයට මැතිවරණ කොමිසම වැඩ අල්ලයි

ලබන වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මූලික කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ ඡන්ද විමසීම සඳහා මධ්‍යස්ථාන සකස් කිරීම, අවශ්‍ය රථවාහන සූදානම් කිරීම හා කාර්යය මණ්ඩලය සකස් කිරීම ඇතුළු කටයුතු මේවනවිටත් සිදුකෙරෙමින් පවතින බවයි.

එමෙන්ම මෙම වසරේදී නව දේශපාලන පක්ෂ 07 ක් ලියාපදිංචි කිරීමට ද කටයුතු කරමින් ඇති බවයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ. මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබුණු අයදුම්පත් 79 ක් අතරින් මෙම තෝරා ගැනීම සිදුකර තිබෙනවා.

Neth